කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 01 වන දින පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සහ අග්‍රාමාත්‍යවරයා අතර විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අපේක්ෂාවෙන් සිටින සුබවාදී පිළිතුරක් මෙම සාකච්ඡාවේදී ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේ සඳහන් කරයි.
එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට ස්ථීර විසඳුමක් නොලැබුණහොත් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ද ප්‍රසන්න කළුතරගේ වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත්, වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති යෝජනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා. ඊට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණු ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා වැඩිදුරටත් සඳහන් කළා.

