කොරෝනා වැළඳී මිය ගිය මෙරට පළමු වෛද්‍යවරයා ගැන වැඩිදුර විස්තර

කොවිඩ්-19 වෛරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී පළමු වරට වෛද්‍යවරයෙකු මියගොස් තිබෙනවා. ඒ පෙබරවාරි 02 දින කරාපිටිය රෝහලේදීයි.

මෙලෙස වෛරසය වැළඳී මියගොස් ඇත්තේ වෛද්‍ය ගයාන් දන්තනාරායන නැමැති 31 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙකි. ඔහු රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටිය දී ආසාදිත බව හඳුනාගෙන ඇති අතර පසුව කොළඹ බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කොට ප්‍රතිකාර කරමින් සිට ඇත. පසුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති වෛද්‍යවරයා එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇති ගයාන් දන්තනාරායන සිය වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ චීනයේ විශ්වවිද්‍යාලයකිනි. වෛද්‍යවරයෙකු මෙන්ම දක්ෂ සංගීත ශිල්පියෙකු ලෙස ද බොහෝ පිරිසක් ඔහුව හඳුනාගෙන සිට ඇත. දක්ෂ ගිටාර් වාදකයෙකු ද වන වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ අභාවය පිළිබඳ මේ වනවිටත් සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනෙකු සිය ශෝකය පළ කර තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ මියගිය වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවයි.

Rivira Ads