දේශීය පුවත්

කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක් සඳහා ඉන්දීය හා ජපන් අයෝජකයින්ට

ඉන්දියාව සහ ජපානය නම් කරන පාර්ශවයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව වසර 35කින් ආපසු භාරදෙන පදනම මත කොළඹ වරාය – බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. කොළඹ වරායේ බටහිර පර්යන්තය රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ‘සෞභාගයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සදහන් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළා.

එමෙන්ම, නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පර්යන්තයක් ලෙස පවත්වාගෙන යාමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව එය, සංවර්ධනය කිරීම සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදල දේශීය බැංකුවකින් ණය මුදලක් ලෙස සපයා ගැනීමට කටයුතු කරන බව ද සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිළ සඳහන් කලා.

එසේම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සාපේක්ෂව බටහිර පර්යන්තයේ උපායමාර්ගික වැදගත්කමක් නොමැති බව ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල,

අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ, බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු ආණ්ඩුව සහ ජපාන ආණ්ඩුව නම් කරන සමාගම් සමඟ හවුල් ව්‍යාපාර ආයෝජනයක් සිද්ධ කරන්න. එතකොට එම සමාගම් කුමක්ද කියලා තීරණය කරන්නේ, ඉන්දියානු ආණ්ඩුව සහ ජපාන ආණ්ඩුව.’

එමෙන්ම, බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා පිටතට ලබාදෙන ආයෝජනයේ ප්‍රමාණය පිළිබඳව ද මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට සම කැබිනට් ප්‍රකාශකවරයා මෙලෙස පිළිතුරු දුන්නා.

අමාත්‍ය මණ්ඩලය ඊයේ අනුමත කළේ, මීට පෙර කොළඹ වරායේ පර්යන්තයන් පෞද්ගලික ආයෝජන කිරීමේදී අනුගමනය කළ කොන්දේසි අනුවම බටහිර පර්යන්තයන් ආයෝජනය කර, සංවර්ධනය කර, කළමනාකරණය කරන ආයතනයට 85%කුත් වරාය අධිකාරියට 15%කුත් වශයෙන් තමයි අවස්ථා දෙකේදීම කොටස් බෙදිලා ගියේ. ඒ වගේ තමයි මේ දෙකේදීම ගිවිසුම් කාලය අවුරුදු 35ක් වුනා. එතකොට ඒ සමාන වූ කොන්දේසි යටතේ ලබා දෙන්න තමයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top