කොවිඩ්-19

මාස 18ක දරුවෙක් කොවිඩ් – 19 නිසා ජිවිතක්ෂයට, සමස්ත මරණ ගණන 330ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 07ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙබරවාරි 02 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 317 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

324 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 ජනවාරි 29 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ මොළයට ලේ වහනය විමයි.

325 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. 2021 ජනවාරි 31 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය සහ ආඝාතයයි.

326 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, වත්තේගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 31 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.

327 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර දිස්ත්‍රික් රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ අඩුවීම, දියවැඩියාව සහ හෘද රෝගී තත්ත්වයකි.

328 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ලේ විෂ වීම, උග්‍ර දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

329 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ මාස 18ක් වයසැති පිරිමි දරුවෙකි. ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

330 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, රාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලටත් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය සහ ඇදුම රෝගී තත්ත්වයයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top