කොවිඩ් – 19 ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය සඳහා අවසර ලබා දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 වන දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
කොවිඩ්- 19 ආසාදිතව ජිවිතක්ෂයට පත් වන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී පැවති සංවාදයක් අතරතුර එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

