බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කළ බවත් ඒ අනුව දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් පවසයි.
කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා නිර්දේශ මීට පෙර ලැබී තිබු අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාවරයා කියා සිටියේය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492ක් වන අතර, ඉන් 412ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 589ක් හා කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 442ක් විවෘත කිරීමට කිසිදු ගැටලුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කොට තිබුණි.

