කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ සිදු වූ සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 379ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙබරවාරි 11 වන දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

376 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පාකින්සන් රෝගී තත්ත්වයයි.

377 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 08 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය, හෘද රෝගී තත්ත්වයක් සහ ලේ අඩුවීමයි.

378 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 10 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 සමඟ උත්සන්න වූ පෙනහළු පිළිකා රෝගී තත්ත්වය, ඇදුම රෝගී තත්ත්වය, අධි රුධිර පිඩනය සහ උග්‍ර දියවැඩියාවයි.

379 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග ලේ විෂවීමේ කම්පනය සහ හෘදය අක්‍රීය වීමයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top