මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබාදීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ පවසයි.
කොරෝනා මර්දන එන්නත ලබාගැනීමෙන් අනතුරුව මාස 6 ක කාලයක් දුම්වැටි සහ මත්පැන් භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහලු අක්‍රියවීම සිදුවන බැවින් එය ඔවුන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් කරන අතර කොවිඩ් -19 ද ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.
දුම්පානයට ඇබ්බැහිවූවන් කොරෝනා වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමුවීම සහ මරණයට පත්වීමේ අවදානමද ඉහළ මට්ටමක පවතින බවයි කොළඹ පෙබරවාරි 12 වන දින පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය සමාධි රාජපක්ෂ පෙන්වා දුන්නේ.
මත්පැන් හා දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන බැවින් එන්නත්කරණය තුළින් රටේ උද්ගතව ඇති වසංගත උවදුර මැඩපැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නොහැකිවනු ඇතැයි ඔහු සඳහන් කරයි.
එමෙන්ම මත්පැන් හා දුම්වැටි භාවිත නොකරන අයට මෙම එන්නත් ලබාදීම වඩාත් ප්‍රතිඵලදායක බව ආචාර්ය සමාධි රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

