කතුවැකිය

සමගි ජනතා සන්ධානය නමින් සජිත්-මනෝ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක්

සමගි ජනබලවේගය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් ද එක් කරගනිමින් “සමගි ජනතා සන්ධානය” නමින් නව දේශපාලන සන්ධානය ස්ථාපිත කිරීමට තීරණය කළ බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ඔහු පවසන්නේ මෙය නිල තීරණයක් බවත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ තමන් අතර විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බවත් ය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නව සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස කටයුතු කරනු ඇති බව පෙන්වා දුන් මනෝ ගනේෂන් සඳහන් කළේ සමගි ජනබලවේගය දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් නව සන්ධානයක අවශ්‍යතාවය පැන නැගුනු බවයි. එබැවින් සමගි ජනබලවේගයට සහය දෙන පක්ෂ සමග නව සන්ධානය ගොඩ නැගෙනු ඇති බවත් එම සන්ධානය එළැඹෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බවත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top