කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙබරවාරි 15 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 403 දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙම මරණ දිවුලන්කඩවල, පල්ලෙතලවින්න, හංවැල්ල, නුගේගොඩ, වත්තල හා හුන්නස්ගිරිය යන ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. දිනය තුළ මේ වනවිටත් නව ආසාදිතයින් 774 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 76,428 දක්වා ඉහළගොස් තිබෙනවා. ඉන් 69,411ක් සුවය ලබා ඇති අතර 6,612ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.


