කොවිඩ්-19

භූමදානයට අවසර දුන් ගැසට් පත්‍රය මෙන්න

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ ජාතිය, ආගම, තත්වය නොසළකා ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය වසරේ දී නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමින් මුස්ලිම් ජාතිකයින් විසින් ඉල්ලූ භූමදානය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2021 පෙබරවාරි මස 25 දිනැතිව අංක 2216/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් භූමදානය කිරීමට අදාළ අවසරය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ තාක්ෂණික කමිටුව කුමක් ප්‍රකාශ කළේ ද යන්න අනාවරණය වී නැත.

එම ගැසට් නිවේදනය පහතින්.

Burial allowed in Sri Lanka by Rivira Media

Rivira FB Group Rivira Youtube
To Top