කොවිඩ්-19

ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදියෙකු රෝහලෙන් ගිහින්

කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු රෝහලෙන් පැන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ පුද්ගලයා ඌරගස්මන්හංදිය ප්‍රාදේශීය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර සිටි අයෙකු බවයි.

එහිදී සිදුකර ඇති පීසීආර් පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවයි. කෙසේ වෙතත් එම වාර්තාව ලැබෙන විට අදාළ පුද්ගලයා රෝහලෙන් පැනගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top