,

තවත් මරණ 5ක්, සමස්ත මරණ ගණන 502ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්තු 07 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 502 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට දෙවැනි රැල්ලේ මරණ ගණන ද 489 දක්වා ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින දෙවැනි රැල්ල ආරම්භ වීමට ප්‍රථම මාස 09ක් තුළ මෙරට සිදුව තිබුණේ මරණ 13ක් පමණයි.

මෙම මරණ පල්ලෙකැලේ, නුගේගොඩ, බරවර්ධනඔය, මාතර හා කන්නත්තොට යන ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. දිනය තුළ මේ වනවිටත් නව ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 85,695 දක්වා ඉහළගොස් තිබෙනවා. ඉන් 82,059ක් සුවය ලබා ඇති අතර 3,139ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.

498 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මාර්තු මස 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ මොළයට ලේ වහනය වීමයි.

499 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත් මාරු කර යවා ඇත. මාර්තු මස 07 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වනුයේ කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ පෙනහළු ආසාදිත තත්ත්වයයි.

500 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, බරවර්ධනඔය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මාර්තු මස 07 වන දින මියගොස් ඇත. පිළිකා රෝගී තත්ත්වය හා කොවිඩ් ආසාදිත තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වේ.

501 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, මාතර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි. දඹදෙණිය මූලික රෝහලට ඇතුල් කරන අවස්ථාවේ දී පෙබරවාරි මස 25 වන දින මිය ගොස් ඇත. කොවිඩ් තත්වය මහ උග්‍ර වූ හෘද රෝගී තත්ත්වය මරණයට හේතුවයි.

502 වැනි කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ, කන්නත්තොට ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කරවනැල්ල මූලික රෝහලේ දී 2020 දෙසැම්බර් මස 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

Rivira Ads