ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ප්‍රමාණය අප්‍රේල් 24 වන දින පස්වරුව වන විට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 826 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 100,517ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 94%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් – පෑළියගොඩ පොකුරටයි.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5724ක් වේ. සුවය ලැබූ ආසාදිතයින් ගණන 94,155කි. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 638ක් වේ.
