දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 30 වනදා දක්වා වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 27 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඒ අනුව, උපකාරක පන්ති සහ අනෙකුත් අධ්‍යාපන ආයතන ද වසා දැමීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එළඹෙන සතියේ දී පාසල් විවෘත කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම සති අන්තයේ දී සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
