ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 වන බදාදා පස්වරු 10.00 වනවිට 103,487ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අප්‍රේල් 27 දින ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් දෛනික ඉහළම ආසාදිතයින් ගණන ලෙස තවත් ආසාදිතයින් 1,111 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
මෙරට එක් දිනක දී හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය 1,000 ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි. එසේම 2021 වසරේ මේ දක්වා නව ආසාදිතයින් 60,188ක් හඳුනාගෙන තිබෙනවා.
ජනවාරි - 20,858
පෙබරවාරි - 19,085
මාර්තු - 9,464
අප්‍රේල් 27 දිනට - 10,783
එසේම, මිනුවන්ගොඩ Brandix ආයතයෙන් ආරම්භ වූ දෙවන රැල්ලට අයත් ආසාදිතයින් ගණන මේ වනවිට 97,809ක් ලෙස වාර්තා වී තිබෙනවා. එසේම දෙවන රැල්ලට අදාළව සිදුවූ මරණ ගණන 642ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අප්‍රේල් 27 දින තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගයි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 94,856කි. සමස්ත ආසාදිතයින් අතුරින් 655 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 7,979ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් එන්නත්කරණයට ලක් කර ඇති ප්‍රමාණය 925,242ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එසේම සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව ලොව 92 වන ස්ථානයේ රැඳී සිටී.

