ශ්‍රී ලංකාවේ මේ වනවිට පැතිර යන වෛරසය ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයේ දී මෙරට පැතිර යන කොවිඩ්-19 ප්‍රභේදය හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල තුළින් සිදුකළ පර්යේෂණයේ දී අනාවරණය වී ඇත්තේ එය බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ්-19 වෛරස් ප්‍රභේදය බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ එම ප්‍රභේදය B 117 ලෙස හඳුනාගෙන ඇති අතර මෙරට තුළ කොවිඩ්-19 වෛරසය වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවයි.
