යාපනයේ ශ්‍රී කමඩ්චි අම්මාන් කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොවිඩ්-19 නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් අප්‍රේල් 25 වන ඉරිදා දින එම කෝවිලේ තේරු උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙම උත්සවය සඳහා විශාල ජනකායක් එක්රැස් වූ අතර බොහෝ දෙනෙක් මුහුණු ආවරණ පැළඳීමට හෝ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අසමත් වූහ.
මෙම උත්සවය පවත්වනු ලැබුවේ රට තුළ කොරෝනා අධි අවදානම් තත්වයක් හටගත් මොහොතකය.
කෙසේ වෙතත් අති විශාල ජන සහභාගීත්වයක් සමග පැවැත්වූ නුවර එළිය වසන්ත උදානය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති අතර එම උත්සවය පැවැත්වීම ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නුවරඑළිය නාගරික කොමසාරිස්වරයා වෙත නියෝග කර තිබෙනවා.

