කොවිඩ්-19

පිට පිට තෙවන දිනටත් දෛනික ආසාදිතයින් 1,000 පසුකරයි, සක්‍රීය ආසාදිතයින් ගණන මුල් වරට 10,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.30 වනවිට 106,484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අප්‍රේල් 28 දින ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් දෛනික ඉහළම ආසාදිතයින් ගණන ලෙස තවත් ආසාදිතයින් 1,531 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ තවත් ආසාදිතයින් 362 දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙරට එක් දිනක දී හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය 1,000 ඉක්මවූ තෙවන දිනය අදයි.

  • අප්‍රේල් 27 – 1,111
  • අප්‍රේල් 28 – 1,466
  • අප්‍රේල් 29 – 1,531

එසේම, මිනුවන්ගොඩ Brandix ආයතයෙන් ආරම්භ වූ දෙවන රැල්ලට අයත් ආසාදිතයින් ගණන මේ වනවිට 100,793ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනය දක්වා නව ආසාදිතයින් ද පෑලියගොඩ පොකුරට එක් කර තිබුණත්, අද දිනයේ සිට වසංගත රෝග විද්‍යා අංශය විසින් නව පොකුරක් වාර්තා කර තිබෙනවා. ඒ “අලුත් අවුරුදු පොකුර” ලෙසයි. එම පොකුරට අප්‍රේල් 29 දින පෙරවරු 10 වනවිට අයත්ව සිටි ආසාදිතයින් ගණන 8,578ක් වේ.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 95,445කි. සමස්ත ආසාදිතයින් අතුරින් 667 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 10,418ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් එන්නත්කරණයට ලක් කර ඇති ප්‍රමාණය 925,242ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top