කොවිඩ්-19

කොරෝනා බියෙන් කුරුණෑගල නීතිඥවරුන් සේවයෙන් ඉවත් වෙයි

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අප්‍රේල් 30 දින සිට මැයි මස 09 දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් පැවසුවේ ය.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන සියළුම නීතීඥවරුන්ගේ සහ සේවාදායකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් අදාළ තීරණය සියළුම විනිසුරුවරුන්ට, ⁣රෙජිස්ට්‍රාර්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බවත් නීතීඥ පියුමාල් හේරත් මහතා පැවසුවේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top