දිවයිනේ සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන්, විශ්වවිද්‍යාල හා උපකාරක පංති නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
කොවිඩ්-19 වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටී.
වසංගත තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ආයතන යළි විවෘත කිරීමේ දිනය තීරණය කරන බවත් එය විවෘත කිරීමට දින 3කට පෙර දැනුම් දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

