කොවිඩ්-19

මැයි මස පළමු දින 10ට නව ආසාදිතයින් 20,000 පනී, මරණ 149ක්

ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 11 වන අඟහරුවාදා පෙරවරු 09.00 වනවිට 128,530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ මැයි 10 දින තවත් ආසාදිතයින් 2,624 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ තවත් ආසාදිතයින් 1,148 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 26 දෙනෙකු මියගොස් තිබෙනවා. එය මෙරට ඉහළම දෛනික මරණ ප්‍රමාණයයි.

මෙරට එක් දිනක දී හඳුනාගන්නා ආසාදිතයින් ප්‍රමාණය පිට පිට දෙවන දිනටත් 2,500 ඉක්මවා තිබෙනවා. මුල් වරට දෛනික ආසාදිතයින් 1,000 ඉක්මවා ගියේ 2021 අප්‍රේල් මස 27 වන දිනයි. ඒ අනුව එදින සිට දෛනික ආසාදිතයින් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළගොස් ඇති බව නිරීක්ෂණය වේ.

අප්‍රේල් 27 – 1,111
අප්‍රේල් 28 – 1,466
අප්‍රේල් 29 – 1,531
අප්‍රේල් 30 – 1,662

මැයි 01 - 1,716
මැයි 02 - 1,891
මැයි 03 - 1,923
මැයි 04 - 1,914
මැයි 05 - 1,939
මැයි 06 - 1,895
මැයි 07 - 1,914
මැයි 08 - 1,896
මැයි 09 - 2,672
මැයි 10 - 2,624

ඒ අනුව මැයි මාසයේ පළමු දින 10ට පමණක් නව ආසාදිතයින් 20,384 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 149 දෙනෙකු මියගොස් තිබෙනවා.

මැයි මාසය තුළ සිදු වූ මරණ

  • මැයි 01 - 09
  • මැයි 02 - 09
  • මැයි 03 - 13
  • මැයි 04 - 11
  • මැයි 05 - 14
  • මැයි 06 - 11
  • මැයි 07 - 19
  • මැයි 08 - 22
  • මැයි 09 - 15
  • මැයි 10 - 26

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 105,611කි. සමස්ත ආසාදිතයින් අතුරින් 827 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 22,118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන්නත්කරණයට අදාළව පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 935,657ක් වන අතර ඉන් 198,981 දෙනෙකුට දෙවන මාත්‍රාව ද ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top