විදේශ

රුසියාවේ පාසලක වෙඩි තැබීමක්, 11 දෙනෙකු මරුට, 30 දෙනෙකුට අධික පිරිසක් රෝහල්ගත කෙරේ

රුසියාවේ නිරිතදිග පිහිටි කසාන් නගරයේ පාසලකට මැයි 11 ‌දින එල්ල වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ RIA Novosti ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ අඟහරුවාදා ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් පුද්ගලයින් 16 දෙනෙකු – ළමුන් 12 දෙනෙකු සහ වැඩිහිටියන් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

නව යොවුන් වියේ පසුවන බවට සැක කෙරෙන එක් වෙඩික්කරුවෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන සිටින අතර ගලවාගැනීමේ මෙහෙයුම් අතර දෙවන ප්‍රහාරකයා මිය ගොස් ඇති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top