ව්‍යාපාර

කීරි සම්බා කිලෝවක් රු.200ට නගී

වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති බවත් සහල් කිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් ඇති බවටත් පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

බොහෝ සහල් වර්ග වෙළඳපොලෙන් මිල දී ගැනීමට නොමැති බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ සම්බා සහල් මිල දී ගැනීම සඳහා වෙළඳපොලේ නොමැති බවයි. සුපිරි වෙළඳසැල් මගින් රතු කැකුළු සහ රතු සම්බා සහල් රු. 93 හා 98 බැගින් විකිණීම සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඒවා නියමිත ගුණාත්මකභාවයෙන් යුක්ත නොවන බවට ද චෝදනා කරයි.

එසේම මේ වනවිට සුපිරි වෙළඳසැල් මගින් විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති කීරි සම්බා කිලෝවක් රු.200ක් වන බවත් කිලෝ 5 පැකට්ටුව රු.1,000ක් ලෙස මිල සටහන් කර ඉදිරිපත් කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top