දේශීය පුවත්

බැසිල් හදිසියේම ඇමරිකාවට

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා හදිසියේම ඇමරිකාව බලා පිටත් වී තිබෙනවා.

මැයි 12 අළුයම එලෙස පිටත් වී ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු හැකි ඉක්මණින් නැවත දිවයිනට ඔහු පැමිණීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top