Covid-19

මැයි දින 14ට නව ආසාදිතයින් 28,496ක් සහ මරණ 214ක්

ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 14 වන සිකුරාදා පස්වරු 07.30 වනවිට 136,685ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මැයි 14 දින මෙතෙක් නව ආසාදිතයින් 889 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ආසාදිතයින් ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් සිටි 1,306 දෙනෙකු දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙරට එක් දිනක දී හඳුනාගන්නා ආසාදිතයින් ප්‍රමාණය පිට පිට පස්වන දිනටත් 2,000 ඉක්මවා තිබෙනවා. මුල් වරට දෛනික ආසාදිතයින් 1,000 ඉක්මවා ගියේ 2021 අප්‍රේල් මස 27 වන දිනයි. ඒ අනුව එදින සිට දෛනික ආසාදිතයින් වාර්තා වීම වේගයෙන් ඉහළගොස් ඇති අතර පසු ගිය දින කිහිපය තුළ සුළු ප්‍රමාණයකින් නව ආසාදිතයින් වාර්තා වීම පහළ යමින් ඇති බව නිරීක්ෂණය වේ.

  • අප්‍රේල් 27 – 1,111
  • අප්‍රේල් 28 – 1,466
  • අප්‍රේල් 29 – 1,531
  • අප්‍රේල් 30 – 1,662
  • මැයි 01 - 1,716
  • මැයි 02 - 1,891
  • මැයි 03 - 1,923
  • මැයි 04 - 1,914
  • මැයි 05 - 1,939
  • මැයි 06 - 1,895
  • මැයි 07 - 1,914
  • මැයි 08 - 1,896
  • මැයි 09 - 2,672
  • මැයි 10 - 2,624
  • මැයි 11 - 2,568
  • මැයි 12 - 2,386
  • මැයි 13 - 2,269
  • මැයි 14 - දැනට 889යි

මැයි මාසය තුළ සිදු වූ මරණ

  • මැයි 01 - 09
  • මැයි 02 - 09
  • මැයි 03 - 13
  • මැයි 04 - 11
  • මැයි 05 - 14
  • මැයි 06 - 11
  • මැයි 07 - 19
  • මැයි 08 - 22
  • මැයි 09 - 15
  • මැයි 10 - 26
  • මැයි 11 - 23
  • මැයි 12 - 18
  • මැයි 13 - 24

ඒ අනුව මැයි මාසයේ පළමු දින 14ට පමණක් නව ආසාදිතයින් 28,496 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 214 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 110,108කි. සමස්ත ආසාදිතයින් අතුරින් 892 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 25,685ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එන්නත්කරණයට අදාළව පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 1,154,795ක් වන අතර ඉන් 243,957 දෙනෙකුට දෙවන මාත්‍රාව ද ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top