කොවිඩ්-19

මැයි 14 තහවුරු කළ මරණ ගණන අතර පරස්පරයක්, 31 ද? 29 ද?

ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මැයි 15 වන සෙනසුරාදා පෙරවරු 8.30 වනවිට 923ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

ඒ අනුව මැයි 14 දින අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 31ක් ‌ලෙස සටහන් වේ. මෙය දිනක වාර්තා කළ ඉහළම මරණ ගණනයි.

නමුත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදනයේ සඳහන් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 29ක් බවයි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 921 ‌බව එම නිවේදනයේ සඳහන්.

මැයි මාසය තුළ සිදු වූ මරණ

  • මැයි 01 - 09
  • මැයි 02 - 09
  • මැයි 03 - 13
  • මැයි 04 - 11
  • මැයි 05 - 14
  • මැයි 06 - 11
  • මැයි 07 - 19
  • මැයි 08 - 22
  • මැයි 09 - 15
  • මැයි 10 - 26
  • මැයි 11 - 23
  • මැයි 12 - 18
  • මැයි 13 - 24
  • මැයි 14 - 31

ඒ අනුව මැයි මාසය තුළ පමණක් මෙරට සිදුව ඇති කොවිඩ්-19 මරණ ගණන 245ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top