දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය ගැන විමසා නීතිපතිගෙන් පොලිස්පතිට දීර්ග ලිපියක්

2019 වසරේ දී එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත දීර්ග ලිපියක් යවා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

එම ලිපිය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 42කට එරෙහිව ඇති සාක්ෂි සම්බන්ධයෙන් ලිඛිතව තහවුරු කිරීමක් අවශ්‍ය බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. එසේම, ඊට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ ද යන්න පිළිබඳව ද තමන් දැනුවත් කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.

අදාළ ලිපියෙන් නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ ප්‍රහාරයට අදාළ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අසම්පූර්ණ බවයි.

වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම ගැනීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී මෙම ලිපිය යොමු කර තිබීම ද විශේෂත්වයකි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top