මාධ්‍ය හමුවක දී තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට එන්තරවාසියක් යවා තිබෙනවා.
එහි සඳහන් වන්නේ දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙසයි. මෙලෙස එන්නතරවාසි යවා ඇත්තේ ගාල්ල බද්දේගම පදිංචි ආනන්ද ලැනරොල් නම් පුද්ගලයෙකුටයි.
මැයි 10 දින ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානය නම් සංවිධානයක් විසින් පවත්වන ලදැයි කියන මාධ්‍ය සාකච්ඡාවකදී, යම් නඩු කටයුත්තකට අදාළ විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට බලපිටිය මහාධිකරණයේ විනිසුරුවරයාට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා විසින් ලිපියක් මගින් දැනුම් දුන් බවට කළ බව කියන ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව එම එන්තරවාසියේ සඳහන් කර ඇත.
මෙම එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දින 14ක් තුළ රුපියල් බිලියනයක අදාළ වන්දිය නොගෙව්වහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

