කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ 1,000 පනී, දෛනික වැඩිම මරණ අද, මරණ 34ක්

ශ්‍රී ලංකාවේ දී සිදු වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මැයි 18 වන අඟහරුවාදා පස්වරු 10.55 වනවිට 1,015ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

ඒ අනුව මැයි 18 දින අලුතින් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 34ක් ‌ලෙස සටහන් වේ. එය මෙරට දිනක දී තහවුරු කළ වැඩිම මරණ ගණනයි. ඒ අනුව මැයි මාසය තුළ පමණක් මෙරට සිදුව ඇති කොවිඩ්-19 මරණ ගණන 337ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැයි මාසය තුළ සිදු වූ මරණ

  • මැයි 01 - 09
  • මැයි 02 - 09
  • මැයි 03 - 13
  • මැයි 04 - 11
  • මැයි 05 - 14
  • මැයි 06 - 11
  • මැයි 07 - 19
  • මැයි 08 - 22
  • මැයි 09 - 15
  • මැයි 10 - 26
  • මැයි 11 - 23
  • මැයි 12 - 18
  • මැයි 13 - 24
  • මැයි 14 - 29
  • මැයි 15 - 20
  • මැයි 16 - 21
  • මැයි 17 - 19
  • මැයි 18 - 34

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 121,145කි. සක්‍රීය ආසාදිතයින් ගණන 25,554ක් ලෙස සටහන් වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top