කොවිඩ්-19

දෛනික ආසාදිතයින් ගණන මුල්වරට 3,000 පනී, ‌සමස්ත 150,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 19 වන බදාදා පස්වරු 08.00 වනවිට 150,771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය මෙතෙක් නව ආසාදිතයින් 3,051 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එය මෙතෙක් දිනක දී මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් ගණනයි. ආසාදිතයින් ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් සිටි 1,222 දෙනෙකු දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙරට එක් දිනක දී හඳුනාගන්නා ආසාදිතයින් ප්‍රමාණය අඛණ්ඩව 11 වන දිනටත් 2,000 ඉක්මවා තිබෙනවා. මුල් වරට දෛනික ආසාදිතයින් 1,000 ඉක්මවා ගියේ 2021 අප්‍රේල් මස 27 වන දිනයි. ඒ අනුව එදින සිට දෛනික ආසාදිතයින් වාර්තා වීම වේගයෙන් ඉහළගොස් ඇති තිබේ.

ඒ අනුව මැයි මාසයේ පළමු දින 19ට පමණක් නව ආසාදිතයින් 42,625 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 337 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 122,367කි. සමස්ත ආසාදිතයින් අතුරින් 1,015 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 27,389ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එන්නත්කරණයට අදාළව පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 1,397,999ක් වන අතර ඉන් 300,121 දෙනෙකුට දෙවන මාත්‍රාව ද ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top