සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
පවුලේ අය සමග නිරෝධායනයට ලක් වෙමින් සිටිය දී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඒ බව අනාවරණය වී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ 10 වැනි පාර්ලිමේන්තු මන්ත්රීවරයා වන්නේ ඔහු යි.
ලංකා කම්කරු කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. රාමේෂ්වරන් මහතා ද වෛරසය ආසාදනය වී මේ වනවිට ප්රතිකාර ලබමින් සිටිනවා.
