දින 11ක් පුරා පැවති දරුණු ගැටුම් සඳහා විරාමයක් තබමින් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය, ඉස්ලාම් ජිහාඩ් කණ්ඩායම් අතර ඊජිප්තුවේ මැදිහත් වීමෙන් මැයි 21 දින පෙරවරුවේ සිට සටන් විරාම ගිවිසුමක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක් උපුටු දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, “කොන්දේසි විරහිත, සටන් විරාමයක් සඳහා ඊජිප්තු මැදිහත්වීම් භාර ගැනීම සඳහා වන නිර්දේශ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඒකමතිකව පිළිගෙන ඇති” බවයි.
දින 11 ක බෝම්බ ප‍්‍රහාර මේ සමග අවසන් වූ අතර එහිදී පුද්ගලයින් 240 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගාසා තීරයේ ය.
සටන් විරාමය ආරම්භ වූ විගසම පලස්තීනුවන් ගාසා තීරයේ වීදිවලට පැමිණ ජයගෝෂා නගමින් සිටින බව “අල්ජසීරා” පුවත් සේවය වාර්තා කර ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් සඳහන් කර ඇත්තේ මෙම සටන් විරාමය දෙපාර්ශවයටම “අව්‍යාජ අවස්ථාවක්” ලබා දී ඇති බවයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ අවසන් සඳුදා සිට මේ දක්වා පමණක් රොකට් ප්‍රහාර 4,340 ඉක්මවූ ප්‍රමාණයකට ඊශ්‍රායලය මුහුණ දී ඇති බවයි. එය යුදෙව්, මුස්ලිම් හා ක්‍රිස්තියානු ඇතුළු සිය රටේ පුරවැසියන් ඉලක්ක කර හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාර බව ද ඔවුන් පෙන්වා දෙයි.
සටන් විරාමයකට සාකච්ඡා කරන්න – අගමැති මහින්ද දෙපාර්ශවයෙන් ඉල්ලයි

