සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන චමිල ජයසිංහ ඇප මත නිදහස් කිරීමට කොළඹ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණය මැයි 22 දින නියෝග කර තිබෙනවා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලීසිය ඉල්ලා ඇත්තේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුව ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් නියම කර තිබෙනවා.
කොත්මලේ සහකාර ඉඩම් කොමසාරිස් චමිල ජයසිංහ CID අත්අඩංගුවට, Facebook හරහා අසත්‍ය ප්‍රචාර කළ බවට චෝදනා

