News

අප්‍රේල් 5 හෝ ඉන් පසු නිකුත් කළ රථ වාහන දඩ ගෙවීමේ දී සහනයක්

2021 අප්‍රේල් මස 05 වන දින හෝ එදිනට පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා සඳහා මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව මැයි 22 දින නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

තැපැල්පති, රංජිත් ආරියරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම කාලය තුළ දඩ පත්‍රිකා ගෙවීමට ඇති දින 14ක සාමාන්‍ය කාල සීමාව ඉක්මවා ගිය ද අතිරේක දඩ මුදලක් රහිතව එම දඩ මුදල ගෙවීමට හැකි බවයි.

එම සහන කාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top