ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය වේගවත් වීමට පවා හේතුවක් වූ බව කියන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැයි 22 දින පැවති මාධ්‍ය හමුවක දී මුල් වරට අනාවරණය කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා සිටියේ අදාළ රෝගියා අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි. එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බව ද ඔහු සඳහන් කළා.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානක බවයි. එසේම කොවිඩ් වෛරසය සමඟ කොයි ආකාරයෙන් සම්බන්ධ වුනේ ද යන්න මේ වන විටත් ඔවුන් සොයා බලමින් පවතින බව ද සඳහන් කළා.
මෙම රෝගය අම්පාර ප්‍රදේශයට පැමිණියේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව ද ඔහු සඳහන් කළා.

