Covid-19

සජිත් ප්‍රේමදාසට කොරෝනා ආසාදනය වෙයි

විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ බව තහවුරු කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබන විපක්ෂ නායකවරයා පවසන්නේ ඊයේ (මැයි 22) දින සිය බිරිඳ කෝවිඩ් -19 රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති බවයි. එහි දී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායකවරයා ද පීසීආර් පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර ඔහු ද වෛරසය සඳහා ධනාත්මක බව දැනුම් දී තිබෙනවා. එහෙත් විපක්ෂනායකවරයා පවසන්නේ තමන්ට රෝග ලක්ෂණ නොමැති බවයි.

කෙසේ වෙතත් මේ වනවිට විපක්ෂ නායකවරයා සහ බිරිඳ රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම සටහනෙන් දැනුම් දී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top