Business

රිවිර.lk පුවත පළ දරයි, ලීසිං හා ණය සහන දෙන්න රජයේ අවධානය යොමුවෙයි

පැතිර යන වසංගත තත්වය හේතුවෙන්, පීඩාවට පත්ව සිටින ලීසිං හා ණය හිමියන් සඳහා සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධන බලකාය වෙත ඒ සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම බලකාය මැයි 24 දින සඳහන් කළා.

තුන්වන රැල්ල හමුවේ පනවා ඇති සංචරණ සීමා සහ වෙනත් බාධක හේතුවෙන් පවුල්වල දෛනික ආදායම් බිඳ වැටීම හේතුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැළසීම පිළිබඳ පුර්ණ අවධානය යොමු කර ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කර, අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාවට ඉදිරියේ දී දැනුම් දෙන බවත් එම බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

සංචරණ සීමා පනවා ඇති බැවින් ණය හා ලීසිං සහන ලබා දෙන්නැයි ජනතාව ජනපතිගෙන් ඉල්ලයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top