Covid-19

සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ග කරයි

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 07 දින දක්වා දීර්ග කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මැයි 24 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ ළඟම ඇති වෙළඳසැලට පාගමනින් පමණක් ගොස් නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීම සඳහා මැයි 25, මැයි 31 හා ජුනි 04 යන දිනවල පෙරවරු 4 සිට පස්වරු 11 දක්වා සංචරණ සීමා ළිහිල් කෙරෙන බවයි. එහිදී වාහන මගින් වෙළඳසැල් වෙත යෑමට නොහැකි බව ද ඔහු සඳහන් කළා.

To Top