රටේ වත්මන් තත්වය සැළකිල්ලට ගනිමින් සීමිත වාහන ප්‍රමාණයක් හෝ ආනයනය කිරීමට අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් පැවැත්වූ කැබිනට් රැස්වීමේ දී තීරණය කර ඇති බව මැයි 24 දින නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
අද පළ වූ මාධ්‍ය වාර්තා රැසක සඳහන් වූයේ නවක මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට වෙනුවෙන් ජීප් රථ මිල දී ගැනීමට මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බවයි. මීට එරෙහිව සමාජය තුළ ප්‍රබල මතයක් ඇති වූ අතර බොහෝ දෙනෙකු සඳහන් කළේ පවතින වසංගත තත්වය හේතුවෙන් දැඩි ආර්ථික අර්බුධයක් පවතින මොහොතක මෙලෙස මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන මිල දී ගැනීම සුදුසු නොවන බවයි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ වාහන ගෙන්වීමට එරෙහිව නැගුණු විරෝධය හමුවේ, ජනතා මතයට කන් දීමක් ලෙස මෙම තීන්දුව ගෙන ඇති බවයි. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉහළ නායකත්වය අතර මෙම කාරණය ඊයේ සහ අද බරපතල ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.
වාහන මිල අහස උසට නැග තිබිය දී මන්ත්‍රීන්ට සැප වාහන ගෙන්වීමේ සූදානමක්

