කොවිඩ්-19

Covid-19: එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැයි 24 දින ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් හා චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට නියමිතයි.

කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත්කරණය හැර වෙනත් විසඳුමක් නොමැති තත්ත්වයක් යටතේ ඉතා ඉක්මණින් අවශ්‍ය කරන එන්නත් සපයා ගත යුතුව ඇති බැවින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එසේම මෙම වර්ෂය අවසානය වන විට මුළු ජනගහනයෙන් 60% -70% අතර ප්‍රමාණයක් සඳහා එන්නත් ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද එම තීරණයේ වැඩිදුරටත් සඳහන්.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top