අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය චයිනා හාබර් ඉංජිනියරින් සමාගම වෙත පැවරීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මැයි 24 දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබෙනවා.
අදාළ මාර්ගය ඉදි කොට පවත්වාගෙන ගොස් පවරා දීමේ (BOT) පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා 2020 අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය සඳහා ආදළ ආයෝජකයින්ගෙන් තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඇතුළත් ලංසු කැඳවා ඇති අතර එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පැවරීම පිණිස මෙලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි.

