News

ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් ‌සහ කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඇමරිකාවෙන් 4 වන මට්ටමේ අනතුරු ඇඟවීමක්

සිය පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නුසුදුසු බවට 4 වන මට්ටමේ අනතුරු ඇඟවීමක් ඇමරිකා එක්සත් ජනපදයෙන් මැයි 24 දින නිකුත් කර තිබෙනවා. ඊට හේතු වශයෙන් කොවිඩ්-19 වසංගත තත්වය ‌සහ ත්‍රස්තවාදී උවදුරවක් පැවතීම යන කරුණු දක්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජයේ ස්ථාන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල, රෝහල් සහ වෙනත් පොදු ස්ථාන ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්විය හැකි බවයි. එම අනතුරු ඇඟවීම මෙතැනින් නැරඹිය හැක.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් නිල ප්‍රකාශයක් සිදුකර නැත.

To Top