කාලගුණ

අයහපත් කාලගුණයෙන් සිදුවන විදූලිය බිඳවැටීම් ගැන ඇමති ඩලස්ගේ හෘදයාංගම කණගාටුව

යාස් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ හදිසි විදුලිය බිඳවැටීම් රැසක් සිදුවිය. මේ සම්බන්ධයෙන් සිය‌ ෆේස්බුක් ගිණුමේ මැයි 27 දින විශේෂ සටහනක් තබමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විෂයභාර අමාත්‍යවරයා ලෙස සිය හෘදයාංගම කණගාටුව පළ කරන බව පවසයි.

සිය විෂයපථයට අයත් සිදුවීම් සම්බන්ධයෙන් ‌තම පාර්ශවයේ වරදක් නොමැතිව වුවද සිය සේවක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිට මෙසේ කණගාටුව පළ කිරීම ශ්‍රී ලංකාවේ සුලභ සිදුවීමක් නොවේ. බොහෝ ඇමතිවරුන් සිදුකරන්නේ එම වැරදි සේවකයින් මත පටවා ඇඟ බේරා ගැනීම පමණි.

එම සටහන මෙසේය.

“පවතින අයහපත් කාලගුණික තත්වය නිසා දිවයින පූරා බහූල වශයෙන් විදූලිය බිඳවැටීම් සිදූවෙමින් පවතින අතර අපගේ ඇමතුම් මධ්‍යස්ථාන වලට පැයකට දූරකතන ඇමතුම් 5,000 ක් පමණ ලැබෙමින් පවතී. එලෙස ලැබෙන ඇමතුම් වලට පිළිතුරු ලබාදීමේ ප්‍රායෝගික දූෂ්කරතාවයකට ද මේ වන විට අප මූහූණ දෙමින් සිටින්නෙමූ.

ලංකා විදූලිබල මණ්ඩලයේ අළුත්වැඩියා කණ්ඩායම් පාරිභෝගික මධ්‍යස්ථාන 230 කට අනූයූක්ත කර පැය 24 පූරා අදාළ සේවයෙහි සක්‍රීය ලෙස යොදවා ඇත.

මෙම හේතුවෙන් ආදරණීය පාරිභෝගික ඔබට මූහූණ දීමට සිදූවී තිබෙන දැඩි දූෂ්කරතා සහ නොවැළැක්විය හැකි ප්‍රමාද දෝෂ පිළිබඳව විදූලිබල අමාත්‍යවරයා ලෙසට පෞද්ගලිකවම මාගේ හෘදයාංගම කණගාටූව ඔබට මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි.

මේ අනපේක්ෂිත තත්වයෙන් මිදී නැවතත් ඔබ විදූලි සබඳතාව යථා තත්ත්වයට පත්කර ගන්නා තුරු, සේවාලාභියා මෙන්ම සේවාදායකයා ලෙසට ඔබත් අපත් මේ මූහූණ දී තිබෙන දූෂ්කරතා පිළිබඳව සංවේදීව, අප සමග සහයෝගයෙන් කළමණාකරණය කර ගන්නා මෙන් ඉතාමත් කරුණාවෙන් ආයාචනා කර සිටිමි.

ඒ වෙනූවෙන් ලංවිම සහ ලෙකෝ ආයතන වල සේවක සහෝදරත්වය ඔවූන්ට කල හැකි උපරිමයෙන්, සියළුම බාදක, අභියෝග මැඳ වූව ද, අසීමිත කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් නොනවත්වා ඔබගේ සේවයට කැපවී සිටින බවට ඔවූන්ගේ නියමූවා ලෙසට මා හට ශපථ කල හැකි අතරම, ඔවූන් ස්වාර්ථය නොතකමින් සිදූකරන මානූෂීය ව්‍යායාමයේ බැරෑරුම් කමට සාක්ෂි කිහිපයක් ආදරණීය ඔබගේ සංවේිදනාව පිණිස මෙලෙස පළ කිරීමට සිතුවෙමි.”

Rivira FB Group Rivira Youtube
To Top