Covid-19

#Update: මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ දී මැයි 27 දින සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නගරාධිපතිවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් මැයි 28 දින ගල්කිස්ස පොලීසියට බාර වීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අදාළ සිදුවීම අතරතුර නගරාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති ටෝකන්වලට එන්නත් ලබා දිය යුතු බවට එහි සිටි සෞඛ්‍ය බලධාරීන්ට දිගින් දිගටම පැවසූ නගරාධිපතිවරයා කියා සිටියේ තමන් නිකුත් කළ ටෝකන් වලට ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. එසේ නොවන්නේ නම් ටෝකන් ඇති අය සහ ‌නොමැති අය සමාන ලෙස ගන්නා ලෙස නගරාධිපතිවරයා පවසා සිටියා. කෙසේ වෙතත් නගරාධිපතිවරයාගේ කලහකාරී හැසිරීම සමාජ ජාලා තුළ බොහෝ දෙනෙකෙුගේ දෝෂ දර්ශනයට ලක් විය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top