කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති සංචරණ සීමා ජූනි 07 දින පෙරවරු 4 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව මැයි 28 දින රජය නිවේදනය කළේ ය.
ඒ අනුව මැයි 31 දින සහ ජුනි 04 දින අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා සිදු කිරීමට නියමිතව තිබූ සංචරණ සීමා ලිහිල් කිරීම අවලංගු කර තිබෙනවා.
එහිදී මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීම සිදුවන බව ද රජය නිවේදනය කරයි.

