2022 වර්ෂයට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය හා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ අයදුම්පත්‍රය හා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බව අමාත්‍යාංශය විසින් දැනුම් දෙයි.
ඒ අනුව, පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන දෙමව්පියන් හෝ භාරකරුවන් විසින් අදාළ අයදුම්පත් සම්පූර්ණ කර අදාළ පාසල් ප්‍රධානීන්ට ලබන ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඊට අදාළ අයදුම්පත් මෙතැනින් බාගත කර ගත හැකිය.

