Update at 3.17 PM
රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
___________________________________________________________________________________________________________________________________________________________
රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකට සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් වතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කිහිප දෙනෙකු රත්නපුර මහරෝහලට මාරු කර යවා ඇති බව රිවිර.lk ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
මැයි 30 දින උදෑසන සිදු වූ මෙම අනතුරට ලක්ව තිබෙන්නේ කලවාන ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයකි. අනතුර සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.
