රත්නපුර පොලීසිය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී වාහන සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
එමෙන්ම, සොරකම් කරන ලද ත්‍රීරෝද රථ 25ක්, කැබ්රථ 02ක්, ට්‍රක් රථ 2ක් , කුඩා ලොරි රථ 04ක් සහ යතුරු පැදි 5ක් ඇතුලු වාහන රැසක් ද මේ වන විට පොලීසිය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
