News

හෙද සංගමය හෙට වර්ජනයකට සැරසෙයි

සමස්ත ලංකා හෙද සංගමය මැයි 31 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව සඳහන් කරයි. ඒ, හෙද කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

ඒ අනුව, මැයි 31 වන දින පෙ.ව. 7 සිට අනිද්දා පෙරවරු 7 දක්වා අසනීප නිවාඩු දමා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එහි ප්‍රධාන ලේකම් එස්.බී. මැදවත්ත මහතා පවසයි.

එමෙන්ම, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිත සම්මේලනයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ පැවසුවේ මැයි 31 වන දිනයට පෙර තමන්ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදුනහොත් දැනුම් දීමකින් තොරව තම සංගමය ද වර්ජනයක් දියත් කරන බවයි.

මේ අතර, සිය ඉල්ලීම් සඳහා නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැයි 29 වන දින පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට බලධාරින් පොරොන්දු වීම හේතුවෙන් සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top